සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට තීරණය කර ඇත.
එම අමාත්‍යංශය සඳහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුක්තව කාර්ය සාධක ලබකාය පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් උපදෙස් ලබා දුන් බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස සායනික පෝෂණවේදය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට නියමිත බවයි.
ඊට සමගාමීව 2022 – 2024 එහදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ ඔස්සේ දිවයින පුරා ඒ ඒ වයස් කාණ්ඩ ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ එය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද වාර්තා වේ.
එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබා දී ඇත්තේ කිසිදු අඩුපාඩුවකින් තොරව පෝෂණ ගුණය රැකෙන පරිදි දිවයිනේ සෑම රෝහලකටම ආහාර ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කරන ලෙස බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.















































