කොත්මලේ පොලිස් වසමේ වැවැන්ඩන් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවෙක් බඹර ප්‍රහාරයකට ලක් වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයින් දෙදෙනෙක් රෝහල්ගත කළ බවට වූ පණිවිඩයක් මත විමර්ශන කටයුතු සිදු කළ බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 60 සහ 23 ක පුද්ගලයින් දෙදෙනෙක් එසේ රෝහල්ගත කර ඇති බවත් වයස්ගත පුද්ගලයා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවත් ය.
එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් එසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර කොත්මලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.















































