රජයක් පාලනය වනු ලබන්නේ රටේ අහිංසක ජනතාව දහඩිය ලේ කඳුලු වගුරවමින් උපයාගන්නා මුදලින් එක්රැස් කරගනු ලබන බදු වලින් බව ඔබත් මමත් රටේ පාලකයෝ යැයි කියා ගන්නා ජඩ දේශපාලුවොත් දන්නා කරුණකි.
මෙසේ ජනතා මුදලින් නඩත්තු වන රජයේ තෙල් සංස්ථාව ජනතාවට ම කොකා පෙන්වන පුවතක් අපට අසන්නට දකින්නට ලැබිණ. ජ්‍යෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවනු ලබන Truth with Chamuditha සමාජ මාධ්‍ය වැඩසටහනට පැමිණි තෙල්,වරාය ,විදුලිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා විසින් මෙම හෙළි දරව්ව සිදුකරන ලදී.
රට තුළ ජනතාව තෙල් විශාල ප්‍රමාණයෙන් රැගෙන ගොස් ජාවාරම් කරනවා යැයි පවසමින් මහා උජාරුවට ත්‍රීවිල්වල අහිංසක මිනිසුන් අල්ලා නීතිය ඉදිරියට රැගෙන ගියත් ඔවුන්ගේ මුවාවෙන් තෙල් බවුසර් ගණන් වන වංචාවන් සැඟවීමට අද වන විට ජරා පප්පලා කටයුතු කරයි.
සාමාන්‍ය මනුෂ්‍යයෙක් හෝ ධනය බලය හිමි අයෙක් කළ ද වරද වරදක් සේ දකිනා පොලිස් සේවාවක් හෝ පාලන තන්ත්‍රයක් අහිමි රටක නීතියේ සරණක් පැතීමෙන් නම් ඵලක් නොවන බව අද වන විට අප සියලු දෙනා දන්නා කරුණකි.කෙසේ නමුත් ධනවතාට , බලවතාට දිගු නොවන නීතියේ හස්තය, අහිංසක මනුෂ්‍යයෙක් තම ජීවිකාව ගැට ගසා ගැනීමට සිදුකරන ඉතා සුළු වරදට හරි අපූරුවට දිගුවේ.
කෙසේ නමුත් මෙම ආනන්ද පාලිත මහතා ඉතා පැහැදිලිව සාක්ෂි මත පදනම් වෙමින් මෙසේ ඉදිරිපත් කරනු ලබන්නේ මෙරට තුළ සිදුවන ඉන්ධන වංචාවන් පිළිබඳව ය.බවුසර් ගණනින් වංචාවට ලක් කරන මෙම තෙල් සංස්ථාවේ රෙදි ලිහා දැමීමට ඔහු මෙහි දී කටයුතු කරයි.
ඉන්ධන ලීටර් 33,000 ධාරිතාවයෙන් යුතු තෙල් බවුසර් මෙසේ රැගෙන යන්නේ කොහාට ද?කාට ද?ඉන්ධන පිරවුම්හළක් හෝ නොමැති ස්ථානවලට පවා ලියාපදිංචිය සිදු කර ඉන්ධන මෙසේ රැගෙන ගොස් ඇති අයුරු හරි අපූරුය.
මෙම වංචනික ක්‍රියා සඳහා ක්‍රියාත්මක වන මේ අපූරු නුවණ රටේ අනාගතය ගොඩ නැගීමට භාවිතා කරන්නේ නම් රටට මෙවන් ඉරණමක් උදා නොවනු ඇත.
කොළඹ ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් අලෙවි කරන ස්ථානයකටත් මෙම ඉන්ධන ලීටර් 33,000 බවුසර් රැගෙන යන නමුත් අත්‍යවශ්‍ය සේවා වන සෞඛ්‍ය අංශ, ගුරුවරුන්ට, පොදු ප්‍රවාහනයට ඉන්ධන නොමැත.
මෙවන් තත්ත්වයක් තුළ මේවා රටට හෙළි කරන මොහුට ද මරණ තර්ජන පවා එල්ල වී ඇත.රටේ නීතිය සුරැකීමට සිටිනවා යැයි පවසන ආයතන සුරකින්නේ නම් නීතිය නොවන වග හොඳින්ම වැටහෙන කරුණික.බලවතාගේ වංචාව දූෂණය සැඟවීමට සිටින පිරිසක් ලෙස අද වන විට අපට කණගාටුවෙන් හෝ සඳහන් කිරීමට සිදු වනවා.
මෙම වංචාවන් නීතිය ඉදිරියට ගෙන ඒමට මේ බුද්ධි අංශ වගේම අදාළ නිලධාරීන් අපොහොසත් වන්නේ කුමන හේතුවක් නිසා ද?මෙපමණ පැහැදිලිව සාක්ෂි සමග ඉදිරිපත් වන කරුණු සොයා බැලීමට මොවුන් යොමු නොවන්නේ මන් ද? මේවා විමසිය යුතුම සහ පිළිබතුරු ලැබිය යුතුම ගැටලු බව අප අවධාරණය කරන්නෙමු.














































