පසුගිය දා ඉහළ ගිය ඉන්ධන මිල සමග බස් ගාස්තු ද ඉහළ දමන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ.
ඊයේ (22) පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර ඇත.
ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව බස් ගාස්තුද ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ (22) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ දී පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවතිනි.
එහි දී දිලුම් අමුණුගම අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජාතික ගමනාගමන කොමිශන් සභාවේ සභාපතිවරයාට ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදුකරන ලබන බවයි.