ශ්‍රී ලංකාවේ ආනයන වියදම් සහ ඒ ආශ්‍රිතව සිදු වූ ගසාකෑම් පිළිබඳව හෙළිදරව්වක් මෑතක දී භාණ්ඩ ආනයනය තහනම් කිරීමත් සමග මහාචාර්ය වසංත අතුකෝරළ මහතා විසින් සිදු කරන ලදී.
මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි මෙරට මෑත ඉතිහාසයේ වැඩිම ආනයන වියදමක්සිදුකර ඇත්තේ 2018 වර්ෂයේ වන අතර එය අමෙරිකානු ඩොලර් බිලියන 22ක් පමණ වන බවයි.
2019 වන විට ඇති වූ විදේශ විනිමය හිඟය හේතුවෙන් අද වන විට ක්‍රම ක්‍රමයෙන් භාණ්ඩ ආනයනය කිරීම විටින් විට සීමා කරනු ලබයි.
මෙසේ විදේශ විනිමය හිඟය ඇති වීමට බොහෝ සෙයින් හේතුවී ඇත්තේ අනවශ්‍ය ආනයනික ද්‍රව්‍ය බව මෙහි දී මහාචාර්යවරයා පෙන්වා දෙයි.
විශේෂයෙන් උදාහරණ ලෙස ගත්කළ වීඩියෝ ගේම්ස්, පනා, වතුර බෝතල් වගේ ඉතා සරල මෙරටින් ලබාගත හැකි දේ පවා මෙසේ කිසිදු තේරුමක් නොමැතිව නිකරුනේ ආනයනය කිරීම සිදු කර ඇති බව පෙනී යන බව ඔහු මෙහිදී අවධාරනය කරයි.
මෙම ගැටලු සඳහා විසඳුම් වශයෙන් මූලික වශයෙන් සිදු කළ යුතුව ඇත්තේ රටට ගෙන්වීමට අවශ්‍ය මොනවාද? අනවශ්‍ය මොනවාද යන්න තීරණය කර ආනයනය කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.
නමුත් රජය මෑතක දී ආනයන තහනම් කරමින් නම් කරන ලද භාණ්ඩ ලයිස්තුව කෙසේ කුමන අරමුණකින්, කුමන ප්‍රතිපත්තියක් මත ගන්නා ලද තීරණයක් ද යන්න සැක සහිත බවත්, එක් රැයකින් කිසිසේත් ආනයන ප්‍රතිපත්තියක් වෙනස් කළ නොහැකි බවත්, එසේ වෙනස් කරන්නේ නම් යම් කාලයක් තුළ එම භාණ්ඩ පිළිබඳව අධ්‍යයනය සිදු කර ,ඒහා සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කළ යුතුව ඇති බවත් ඔහු මෙහි දී පෙන්වා දෙන ලදී.
මෙසේ රටක ආනයන ප්‍රතිපත්තිය සොයා බැලීමකින් තොරව වෙනස් කිරීම තුළින් රටේ ආර්තිකයට ද බලපෑම් එල්ලවීමේ හැකියාවක් පවතියි.
ඒ මෙසේ තහනම් කරන ලද ආනයන භාණ්ඩ අතර රතු තුළ සිදුවන නිෂ්පාදන කටයුතුවලට අදාළ අමුද්‍රව්‍ය වර්ග පවා පැවතිය හැකි වීමයි.එහි දී රටේ සිදුවන නිෂ්පාදනයන් ඇණ හිටින අතර එයින් රටේ ආර්ථිකයට යළිත් බලපෑමක් සිදුවනු ලබයි.
මහාචාර්ය වසංත අතුකෝරල මහතා විසින් ඉතා සරල ලෙස පහදා දෙන මෙම කරුණු වටහා ගැනීමට හෝ මොළයක් නොමැති පාලකයන් විසින් පාලනය කරනු ලබන රටක ආර්ථිකය හෝ රටේ අනාගතය පිළිබඳ කතා කර පළක් නැත.
නමුත් රටේ ජනතාව වන අපට මෙම කරුණු ඉතාමත් වැදගත් වන්නේ මෙම පාලකයන් සැලසුම් කරන්නේ කුමක් ද යන්න සහ ඔවුන් මෙම ගනු ලබන විවිධ තීරණ රටට බලපාන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් යම් හෝ අවබෝධයක් ලබා ගැනීම සඳහාය.
රට රැගෙන යන්නේ දියුණුවේ පාවතක් වෙත ද නැතිනම් තවත් ආගාදයකට ද යන්න ජනතාව වන අපට මෙම පැහැදිලි කිරීම තුලින් පෙනී යයි. මේ පිළිබඳ අවධානය යොමු කර යලිත් යමෙක්ට බලය ලබා දීමට පෙර සියදහස් වාරයක් සිතීමට මතකයේ තබා ගත යුතුය.