කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා ප්‍රකාශ කරන්නේ භාණ්ඩ වෙළෙඳපොළ සාමාන්‍යකරණයට ලක්වුවද විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ භාණ්ඩවල මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි.
මෙම තත්ත්වය යටතේ ඉදිරි අයවැය තුළින් හෝ මිල සාමාන්‍යකරණය සිදු කිරීමට නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළහොත් රට තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
නිදසුනක් වශයෙන් ඔහු ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව සඳහන් කරමින් පවසා සිටියේ රුපියල් 585.00ට පැවති කම්බි මේ වන විට රු.800.00 දක්වා ඉහළ ගොස් ඇති බවත් රු.880.00ට පැවති සිමෙන්ති මේ වන විට රු.1100.00 පමණ වි ඇති බවත් මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් ඉදිරියේ දී විශාල ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවත් ය.