ඊයේ (01) සවස් කාලයේදී රුවන්වැල්ල පොලිස් වසමේ මැදගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවට වාර්තා වේ.
එලෙස මියගොස් ඇත්තේ මැදගොඩ අමිතිරිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 හැවිරිදි පුද්ගලයෙකි.
118 පොලිස් හදිසි ඇමතුම් ඒකකය මඟින් මැදගොඩ ප්‍රදේශයේ නිවසක ආරවුලක් ඇති වූ බවට රුවන්වැල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සඳහා එම ලිපිනය සොයා ගිය පොලිස් නිලධරීන්ට ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු නිවසක් තුළ වැටී මියගොස් සිටින බව නිරීක්ෂණය වී තිබුණු බව වාර්තා වේ.
මෙම මියගිය පුද්ගලයා තම වැඩිමහල් සහෝදරයා සහ තවත් පුද්ගලයෙකු සමඟ නිවසේදී මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහිදී සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය විසින් දැනට සිදුකර ඇති විමර්ශන කටයුතු වලින් අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වේ.
එසේම සිද්ධියට සම්බන්ධ සැකකරුවන මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
















































