රට තුළ උද්ගතව ඇති දැඩි ඖෂධ අර්බුදය හමුවේ බොහෝ රෝගීන් මෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩල ද මේ වන විට අපහසුතාවයට ලක්ව ඇත.
මෙවැනි තත්ත්වයක් තුළ ආචාර්ය සංජේ පෙරේරා මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් රට තුළ හිඟව පවත්නා ඖෂධ වර්ග කිහිපයක්ම ලබා දීමට Nexus Healthcare Pvt Ltd ආයතනය කටයුතු කර ඇත.
ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 10ක වටිනාකමකින් යුතු Beclometasone Inhalation BP 200 mcg කැප්සියුල 300,000, Salbutamol Powder BP 200 mcg කැප්සියුල 200,000 සහ Formoterol /300,000 GMOA යන ඖෂධ වර්ග ලංකාව පුරා අවශ්‍ය රෝහල්වලට ලබාදීම සඳහා වෛද්‍ය හරිත අලුත්ගේ මහතාට ලබා දී ඇත.
මේ අනුව සහකාර පොලිස් අධිකාරී වෛද්‍ය සචිත්‍ර වීරසේකර මහතාගේ ඉල්ලීමට අනුව වෛද්‍ය අධ්‍යක්ෂ පොලිස් රෝහලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෛද්‍ය සී.රණසිංහ මහතා වෙත ඖෂධ දස දහස බැගින් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාව සඳහා Nexus Healthcare ආයතනය නියෝජනය කරමින් දිලීප් පුෂ්පකුමාර මහතා, බණ්ඩාර මහතා සහ ෂාමින් මහතා සම්බන්ධ වී ඇත.
අපේ රටෙන් පෝෂණය වූ මෙවැනි ආදර්ශවත් පුරුක් කොහේ හෝ හැදී වැඩී තම මවු රට ,තම රටේ ජනතාව අසරණව සිටිනා මෙවන් අවස්ථාවක මෙසේ සිදු කරනු ලබන සේවය රාවණා මාධ්‍ය ජාලය අප ද ඉතාමත් අගය කොට සලකන්නෙමු.
එමෙන්ම මෙවැනි පරිත්‍යාගයන් තව තවත් මෙරටට අවශ්‍යව ඇති මොහොතක් ලෙස මෙය සලකමින් තමන් හැකි අයුරින් එක්ව මෙසේ කටයුතු කිරීමට අප සියලු දෙනා කටයුතු කරමු.
මෙවන් දරු පරපුරක් ලද ශ්‍රී ලංකා මව් තුරුළ තව තවත් වාසනාවන්ත වේවා සහ දූෂිත පාලකයන් විසින් ගොඩනගන ලද මෙම ගැටලු සියල්ලෙන් ඉක්මනින් මිදීමට ලැබේවා යන්න අප සැමගේ එකම ප්‍රාර්ථනයයි.


