ඔක්තෝබර් 06 වන දින මස්කෙළිය ප්‍රදේශයේ දී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන ඇත.
මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රරාජන් මහතා සඳහන් කළේ මස්කෙළිය නගරයට පැමිණෙන පුද්ගලයින් ආශ්‍රිතව එම පරික්ෂණ සිදුකර ඇති අතර, මස්කෙළිය ,නල්ලතන්නිය ,අප්කට් යන ප්‍රදේශවලින් ආසාදිතයින් 14 දෙනෙකු සහ දිඹුල පතන හා බදුල්ල යන ප්‍රදේශවලින් සෙසු පුද්ගලයින් තිදෙනා හඳුනාගත් බවයි.
එසේම මෙලෙස හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධානයට යොමු කිරීමට ද පියවර ගෙන ඇත.