නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තත් ශ්‍රී ලංකාවේ පවතින ගැටළු හේතුවෙන් ජීවත් වීමට අවශ්‍ය සුව පහසුව නැති නිසා වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් රට හැර යාම ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතියේ විනාශය සිදුවන්නේ ද මෙරට සමහර වෛද්‍යවරුන්ගේ ද වැරදි නිසා බව අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ.
වෛද්‍යවරයාද මුදලාලිලා වූ ශ්‍රී ලංකාවේ, සියල්ලම ලිහා ගත නොහැකි නූල් බෝලයක පැටලී තිබෙන අතර බටහිර වෙදකම උගත් වෛද්‍යවරුන්ම දේශීය වෙදකමද නගා සිටුවීමට ඉඩ නොදෙන බවද නොරහසකි. එවන් පසුබිමක් නිර්මාණය කරමින් තම දේශීය වෙදකම නොහොත් තමන්ගේ දේශයට අයත් වෙදකමද විනාශ කර ශ්‍රී ලංකාවේ ජනතාවට ජීවත් වීමට නොහැකි තත්වයක් උදා වන විට එම වෛද්‍යවරුන් මෙරටින් පිටවීමෙන් කියවෙන්නේ ඔවුන්ගේ තිබෙන ආත්මාර්ථකාමී භාවය පමණි.
එසේ රට හැර යාම නිසා හෝ වෙනත් හේතූන් නිසා මහනුවර මහරෝහලේද වෛද්‍යවරුන්ගේ හිගයක් තිබෙන බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දිස්ත්රික්ක්යද මහනුවර වේ.
















































