පේරාදෙණිය, කලුගමුව ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු මහවැලියේ දිය නාමින් සිටිය දී දියේ ගිලී ඇති අතර ඉන් එක් අයෙක් මියගොස් ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු 20 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 02 හැවිරිදි කුඩා දරුවෙක් අතුරුදන්ව ඇත.
ඊයේ () සවස් කාලයේ දී මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස අතුරුදන්ව ඇත්තේ එකම පවුලේ මව සහ දියණිය බවයි පොලිසිය සඳහන් කළේ.
දියේ ගිලි පුද්ගලයින්ගෙන් එක් පුද්ගලයෙක් සහ පිරිමි ළමයෙක් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ගම්පොළ රෝහල්ගත කර ඇත.
අතුරුදන් වූවන් සොයා මේ වන විට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදුකරන අතර වැඩිදුර විමර්ශන කටයුතු පේරාදෙණිය පොලිසිය විසින් සිදුකරයි.