හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය බිරිද සමග තායිලන්තය බලා පිටත් වීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියත් ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් හේතුවෙන් විදේශ ගත වීම සදහා අවසර ලබා නොදුන් බව වාර්තා වේ.මෙම අධිකරණ මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනම නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍යවරයා ඇතුළු බිරිද ආපසු හරවා යැවීමට කටයුතු කළ බව කියයි.














































