English
සිංහල
04:54 සිකුරාදා, මාර්තු 13, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මාධ්‍යවේදීන් මර්ධනය සහ නටවන විඳිය ගැන කමල් ගුණරත්න ඉඟියෙන් කියයි.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    විශ්‍රාමික මේජර් ජනරාල් වර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් කල ප්‍රකාශයක් තුලින් මාධ්‍යවේදීන් පාලනය කිරීම සහ මර්ධනය කරන ආකාරය පිලිබදව ලිපියක් ද ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. එම ලිපියට අනුව කමල් ගුණරත්න මහතා මාධ්‍ය නිදහසට බලපෑම් කරන ආකාරය ප්‍රකාශ කර තිබේ. එය ඉතාම බරපතල ප්‍රකාශයක් වන අතර කමල් ගුණරත්න මහතා වැනි පුද්ගලයෙකුගෙන් ඒ ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් කිය වෙන්නේ නීතිය වැඩක් නැති බවයි.  එසේම ජේෂ්ඨ හමුදා නායකයෙක් තමන්ගේ පහලින් සිටින නිලධාරීන්ට ලබා දෙන පූර්වාදර්ශය වන්නේද “ හමුදාවට නීතිය වැඩක් නෑ” යන්නයි. දැන් ශ්‍රී ලංකාවද ගෝලීය කරණය වී අවසන්ය. ගෝලීයකරණය තුල ඕනෑම ක්‍රියාවක්, කතාවක් ක්‍රියාත්මක වන්නේ කමල් ගුණරත්න මහතා සිතනා ආකාරයට නොවේ.

    ශ්‍රී ලංකාව මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් වල ගරුත්වය සුරැකීම සඳහා අපද නිරන්තරයෙන්ම කටයුතු කරන නමුත් “නටන්නේ එළිපිට නම්” එළිපිට නටන අය නිසා ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලිසියට හානි කිරීමට ඉඩ නොදිය යුතුය. ආරක්ෂක හමුදා මෙන්ම පොලිසියද අනෙකුත් රාජ්‍ය ආයතනද අපගේ නොහොත් රටේ මහජනතාවගේය. එබැවින් වැරදි වැඩකරන හමුදා සේවකයන් මෙන්ම රාජ්‍ය සේවකයන්ටද අවශ්‍ය ලෙස ශ්‍රී ලංකාව තව දුරටත් විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය. කමල් ගුණරත්න මහතාට එරෙහිව මෙන්ම ඔහුගේ හොඳ වැඩද අප වාර්තා කර තිබේ. නරක දේ අප විවේචනය කරනුයේ ඉන් ඔවුන්ට සිදුවන හානිය අපට පෙනෙන නිසාය. අප විවේචනාත්මකව ලියමින් ඉන් ඔවුන්ට අනාගතයේ පැමිණෙන ප්‍රශ්නවලින් බේරීම සඳහා යම් ඉඟියක්ද ලබා දේ. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් අපගේද යම් ගරුත්වයක් තිබේ. එය රැක ගැනීම ඔහුගේ වගකීමක් බැවින් පහතින් දැක්වෙන වාර්තාවට ඔහුගෙන් ප්‍රතිචාරයක් අවශ්‍යව තිබේ. අප සෑමදිනකම ලියන්නා සේ දේශපාලන අස්ථාවරත්වය තුල ආරක්ෂක ලේකම් පවා අනාරක්ෂිත බැවින් වැඩ කල යුත්තේ සම්බුද්ධිකවය.

    අදාල වාර්තාව – උපුටා ගැනීම , ද ලීඩර් වෙබ් අඩවිය –

     ‘සුජාත මාධ්‍ය වාර්තාකරණය’ : හොඳටම කරේ බයිනෙත්තුව තමයි – (ඥානසිරි කොත්තිගොඩ)

    හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය දවසක මාධ්‍යවේදීන්ට අපූරු යෝජනාවක් කරළතිබුණා.

    ” මාව හමුවෙන්න ගෙදරට එන්න. කන්න බොන්න ඔක්කොම දෙන්නම්. ප්‍රෙස් එකක් තියන්නම්. කන්න බොන්න බුරියානිම දෙන්නම්. එන්න”  කියල.

    හෙතෙම මේ යෝජනාව කර තිබුනේ මෙයට වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාව තුළට බලහත්කාර ඇතුළුවීමක් සම්බන්ධ චෝදනාවට අධිකරණයට ගොස් එමින් සිටියදියි.

    ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්නත් මර්වින් සිල්වා පන්නයේ ප්‍රකාශයක් කර තිබුනේ පසුගිය 19 වෙනිදා.

    ඔහු කියනවා, “හරි මාධ්‍ය වාර්තාකරණයක් ලබාගැනීමට නම් හමුදා නිලධාරීන් වන ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි මේ මාධ්‍යවේදීන් ගේ විශ්වාසය දිනා ගැනීම. එහෙම විශ්වාසය දිනා ගත්තානම් වැරදි වාර්තාකරණයක් සමාජය ඉස්සරහට යන්නේ නෑ. එහෙම වුනොත් අපට කියන්න පුළුවන් මල්ලී ඕක දාන්න එපා. එහෙම වුනොත් රටට හරි නෑ, අපට හරි නෑ. කරුණාකර ඕක නොදා ඉන්න කියල කියන්න. අපි එහෙම අනන්තවත් කරළ තියනවා.  ඒ නිසා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය, විශ්වාසය ගොඩනගා ගන්න. එහෙම කරගෙන අර යුද්දේ අවසාන කාලේදී වගේ අපට එකතුවෙලා හරි මාධ්‍ය වාර්තාකරණයක්, සුජාත මාධ්‍ය වාර්තාකාරණයක් මාධ්‍යවේදීන් ලව්වා මහජනතාවට හරි පින්තූරය දෙන්න පුළුවන් වේවි,” කියල.

    යුද්දේ ඉවර වෙලා අවුරුදු 13කට පස්සේ ආරක්ෂක ලේකම් මෙලෙස සත්‍ය ප්‍රකාශ කිරීමෙන් බොහෝ දේ එළියට එනවා. ආරක්ෂක ලේකම්ට අනුව හමුදා, පොලිසි විසින් මාධ්‍යවේදීන් ලව්වා මහජනතාවට දෙන දේ තමයි  “සුජාත මාධ්‍ය වාර්තාකරණය” කියන්නේ. එතකොට එම නියෝගයන් නොසලකා වාර්තාකරණයේ යෙදීම අවජාතක වෙන්න ඕන.

    ඒ අවජාතකයන්ට ලැබුනු දඩුවම් තමයි අතුරුදහන් කරවීම, පහරදී අත පය කඩා දැමීම, රටින් පළවා හැරීම, අවසාන වශයෙන් මරා දැමීම. ඒ අතරේ ක්ලේමෝ බෝම්බ, ග්‍රෙනේඩ් පුපුරුවලා විනාශ කිරීම, ගිනි තැබීම ඒ අවජාතක මාධ්‍ය ආයතවලට ලැබුනු දඩුවම් කියල අපට හිතාගන්න වෙනව.  මේවා කරපු අපරාධකාරයෝ තාම හොයා ගන්නත් බැරි ඒ නිසා වෙන්න ඕන.

    එහෙනම් දරුස්මාන් වාර්තාව, එක්සත් ජාතින් ගේ ලංකාව පිලිබඳ වාර්තාව, චැනල් ෆෝ වාර්තාව , JDS වාර්තා වැනි ජාත්‍යන්තර ආයතන වලින් යුද අපරාධ චෝදනා විදියට එළියට ආවේ මේ වසන් කළ අපරාධ වෙන්න ඇති. 

    ඒ දවස්වල මේවා ආරක්ෂක අංශ අපකීර්තියට පත් කරන්න කරන බටහිර කුමන්ත්‍රණ, N G O ඩොලර් කාක්කන් ගේ හිතලු කියල තමයි කිව්වේ. නමුත් දැන් හෝ ඒවා සත්‍ය සිදුවීම් ලෙස නිර්භිතව පිළිගැනීම ගැන වර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට සැලියුට් එකක් දෙන්න වෙනව.

    ජනරාල් කමල් ගුණරත්න කරන මේ හෙළිදරව්වේ ඇත්ත, නැත්ත යුද වාර්තාකරණයේ සිටිය මාධ්‍යවේදීන්, මාධ්‍යවේදියන්ගෙන් ගෙන් තමයි අපට තහවුරු කර ගන්න වෙන්නේ.  අපි කැමතියි දැන ගන්න කමල් ගුණරත්න මේ කියන්නේ සත්‍යයද?  පෑන ඔබේ වුනාට වාර්තාව ආරක්ෂක අංශවලද?  එතකොට ඔබ කළේ සත්‍ය සඟවා පක්ෂපාතී මාධ්‍ය වාර්තාකරණයක්ද?  ඒ වෙනුවෙන් ලැබුණු විශේෂ ප්‍රතිලාභ මොනවාද?  ආරක්ෂක ලේකම්වරයාගේ  සුජාත මාධ්‍යවාර්තාකරණයට ඔබලාත් එකඟද?  

    මොකද යුද්දේ පවතින දවස්වල ජනමාධ්‍යවේදීන් අතර කසුකුසුවක් තිබුනා පිරිසක් වාර්තාකරණයේ යෙදෙමින් සුවපහසු ජිවිත ගතකරන්නත්, ඒ වෘත්තියම කරන තව පිරිසක් ගුටි කන්නත්, මැරුම් කන්නත්, රටින් පළා යන්නත් සිදුවෙන්නේ ඇයි කියල. ඔන්න දැන් ජනමාධ්‍යවේදීන්ටත්, මාධ්‍ය සංවිධානවලටත් අවස්ථාවක් තිබෙනවා ආරක්ෂක ලේකම් වගේ නිර්භීතව සත්‍ය ප්‍රකාශ කරන්න. 

    ආරක්ෂක ලේකම්වරයා මේ කතාවේ එක් තැනකදී කියනවා අරගල කරුවන් උසාවි ගෙනාවාම එකසිය පනහක් දෙසිය පනහක් විතර නීතිඥවරුන් ඔවුන් වෙනුවෙන් නොමිලේ පෙනී හිටිය කියල. ඒ මදිවට පොලිසිය අරගලකරුවන් උසාවියට අරගෙන එනකොට උසාවිය ඇතුළේ අත් පොළසන් දුන්න කියල. මේ ක්‍රියාවෙන් පොලිස් නිලධාරීන් ගේ චිත්ත ධෛර්ය සහ මානසික මට්ටම ළිඳ පතුළටම කඩා වැටුනලු.

    නමුත් පොලිසිය බාර ඇමතිතුමා ඇතුළු ඉහළ නිලධාරීන් දැඩි මැදිහත්වීමක් කරනවලු පොලිසිය ගොඩ ගන්න.  දැන් දැන් පොඩි සාර්ථක භාවයක් පෙනෙන්න තිබෙනව කියලත් ලේකම්වරයා කියනව.

    ආරක්ෂක ලේකම්වරයාගේ මේ කතාවත් ඇත්ත. රනිල් ජනාධිපති වෙලා කරපු මැදියම් රෑ පළමු ගෝල්ෆේස් ප්‍රහාරයත් රජය පැත්තෙන් සාර්ථකයි. ඒක සාර්ථක කරගන්න අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට ජනාධිපති රනිල් ගියේ ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න හා නිතිපතිත් එක්ක.  

    ඊට පස්සේ  පසුගිය 19 දා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දියත් කළ සාමකාමී පෙළපාලියට රනිල් – රාජපක්ෂ ආණ්ඩුව මහ දවල් එළව එළවා එල්ළ කළ ෆැසිස්ට් පන්නයේ දෙවැනි මෘග පොලිස් ප්‍රහාරයත් සාර්ථකයි.

    ථෙරවාදී බුදු දහම ගැන නිතර දෙවේලේ සිහිපත් කරන රනිල් පොලිසිය ලවා බුද්ධ පුත්‍රයන්ටත් බැටන් ප්‍රහාර, කදුළු ගෑස්, ජල ප්‍රහාරක පූජා කළේ සිවුරු, පාවහන් මහ මඟ දාල දුවන්න.  

    මේනිසා දැන් නැවතත් ආරක්ෂක අංශ ප්‍රභූ බලතන්ත්‍රය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නියමිත සේවාව සපයන තත්වයට එමින් සිටින බව තමයි කමල් ගුණරත්න සාඩම්බරයෙන් කියන්නේ.

     “ජාතික ආරක්ෂාව, නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය කියල ආරක්ෂක අංශ සේවකයන්ගේ වගකීම” පිලිබඳ නැවත මතක්කරදීමේ දේශනයක් ආරක්ෂක ලේකම්ට කරන්න බල කෙරිලා තියෙන්නේ රටේ මතුවී තිබෙන දේශපාලන අර්බූදය විසින් බවට සැකයක් නැහැ. 

    මේ වගේ රාජකාරියේ වගකීම් නැවත නැවත මතක්කරදීල ආරක්ෂක අංශවල මොරාල් එක උස්සන්න විශේෂ හේතු කීපයක් තියෙනවා. මොකද පසුගිය අරගල දියත් වූ කාලයේ ආරක්ෂක අංශයන්ට ඝෘජු නියෝග දෙන්න, වගකීම් භාර ගන්න රනිල් ජනාධිපති වෙනතුරු හරිහමන් නායකත්වයක් තිබුනේ නැහැ.   

    සර්ව පාක්ෂික ආණඩු යෝජනාවට බාලගිරි දෝෂය …

    එයට අමතරව රනිල් උත්සාහ කළ සර්ව පාක්ෂික ආණඩු යෝජනාවට බාලගිරි දෝෂය හැදිලා. මොකද සර්ව පාක්ෂික ආණ්ඩුවක් අටවා ගන්න පුළුවන් වුනානම් ලෝක බලවතුන්ට, IM F එකට පෙන්වන්න පුළුවන්කම තිබුනා ආණ්ඩුවට අනෙකුත් පක්ෂවල සහය තිබෙනව කියල.

    දැන් ඒකත් අසාර්ථක නිසා රටතුළ මහ පරිමාන අරගල පැන නැගුනොත් ජාත්‍යන්තර ආධාර උපකාර නොලැබී යන්න පුළුවන්. ණය ආපසු ගෙවීමේ ශඛ්‍යතාවය පෙන්වීම වෙනුවෙන් රාජ්‍ය ආයතන 40ක් පමණ විකුණන්න සැලසුම් කරළ තියෙන්නේ

    මේනිසා විධායක බලය හා මර්දන අණ පනත් තුළින් තමයි මහජන නැගිටීම් යටපත් කරන්න වෙන්නේ. මහජන සාමය පවත්වා ගෙන යාමට බව පවසමින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ටම සන්නද්ධ හමුදා කැඳවීමේ අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති රනිල් දැනටමත් නිකුත් කරල තියෙන්නේ. ඒක අගෝස්තු 22 සිට ක්‍රියාත්මකයි.

    මේ අතර ආරක්ෂක ලේකම්වරයා සිය දේශනය තුළදී කියනව ගෙවල් ගිනි තියපුව, මරපුව, ගහපුව මේ ඔක්කොම ඇතැම් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඒ අයුරින්ම පෙන්නුව කියල.

    ඒ අය තමන්ගේ පපුවට තට්ටු කරළ අහන්න කියනව මේ ඉටු කළේ මාධ්‍ය යුතුකමද කියළ. මොකද හෙට අනිද්දා වල පල්ලට යන්න ඉන්න එක්කෙනා ගේ ඉදල අනාගතයේ මේ රටභාර ගන්න ඉන්න දරුවන් පවා මේ ප්‍රචණ්ඩ සිදුවීම් නරඹන නිසා .

    ප්‍රචණ්ඩක්‍රියා මාධ්‍ය මගින් පෙන්වීම නොකළ යුත්තක් ලෙස අවධාරනය කරන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ගේ  “රණමඟ ඔස්සේ නන්දිකඩාල් ” නම් පොතේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ලද ආශ්වාදය ගැන මෙහෙම කියල තියෙනවා.

    “යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිට නගරය දෙසට ගිය හමුදා සෙබළු පිරිසක් තම සටන් සගයාගේ මරණයට එරෙහිව පලි ගැනීම සඳහා පුද්ගලික දේපල විනාශ කරමින් නීති විරෝධී ආකාරයෙන් හැසිරෙන ආකාරය දැකීම මට තෘප්තියක් ගෙන දුන් බව පිලිගනිමි. ආපසු හැරී බලන විට මේ සම්බන්ධයෙන් වහාම පියවරක් නොගැනීම ගැන මට ලජ්ජා සිතුනි ” යි කියල.

    නැසීගිය මංගල සමරවීර ඇමතිවරයා මේ වාක්‍ය කණ්ඩය උපුටා දක්වමින් මාධ්‍ය සාකච්ඡාවකදී උපහාසයෙන් කියා තිබුනේ  “අහිංසක මිනිසුන්නේ ගෙවල් කඩනවා මේකා බලන් ඉදලා දැන් කියනවා ලැජ්ජ හිතුන කියල. මේ පොත නන්දිකඩාල් නෙමේ, හන්දිකඩාල්, ගෙවල් කඩාල්”  කියල.

    විශ්‍රාමික ජෙනරාල්  කමල් ගුණරත්නයිනි, උඳු වපුරා මුං බලාපොරොත්තු වෙන්න එපා යැයි අපේ පැරැන්නෝ කියල තියෙන්නේ කට කහනවට නොවේ කියල දැන්වත් තේරුම් ගන්නේනම් යහපති.

    ආරක්ෂක ලේකම් ගේ සමස්ත කතාව අධ්‍යනය කළාම පෙනෙන්නේ ජනමාධ්‍යයට අසුබ දසාවකුත් කමල් අයියාගේ කරේ අත දාගෙන ඉන්න මාධ්‍යවේදී නංගිලා මල්ලිලාට ආයෙමත් සුබ දසාවකුත් උදාවේගෙන එනව කියල

    (ඥානසිරි කොත්තිගොඩ)
    BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
    (නිදහස් ලේඛක)

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version