කාන්තාවක් ඇතුළුව පුද්ගලයින් දෙදෙනෙක් මීගමුව හා කොටවෙහෙර ප්‍රදේශවලදී ඝාතනය කර ඇත.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ කොටවෙහෙර දිගන්නෑව ප්‍රදේශයේ දෙපිරිසක් අතර හටගත් ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් 44 වියැති පුද්ගලයෙකු උදැල්ලකින් පහරකෑමෙන් මියගොස් ඇති බවයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (08) ඔවුන් නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මිගමුව ප්‍රදේශයේ කාන්තාවක් ද ගිනි තබා ඝාතනය කර ඇත.
නිවෙස තුළම කාන්තාවක් ගිනිගෙන මියගොස් ඇති බවට ලද තොරතුරක් මත මීගමුව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ 89 වියැති කාන්තාවකට භූමිතෙල් දමා ගිනිතබා ඝාතනය කර ඇති බවයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.