විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ මිල ප්‍රදර්ශනය කර ඇති ත්‍රීරෝද රථ සඳහා ඉදිරියේ දී වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
මිල ගාස්තුව ප්‍රදර්ශනය කර ඇති ඒ මිල පමණක් අය කරන පිරිසට වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීමට අවධානය යොමු කර ඇති බවයි අද (06) පැවති පාර්ලිමේන්තුවේ දී ත්‍රීරෝද රථ රියදුරන්ට ලබාදෙන ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වැඩි කරන ලද ඉන්ධන කෝටාව තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගැනීමටත්, සාමාන්‍ය ලෙස ලැබෙන ලීටර් 05ක ඉන්ධන කෝටාව ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබාගැනීමටත් හැකි වන පරිදි නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බවයි.
ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යංශය මගින් තොරතුරු ලබාදීමෙන් අනතුරුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.