නිදහස් ජනතා සන්ද්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය GL පීරිස් මහතා ප්‍රකාශ කොට ඇත්තේ මැතිවරණය සදහා මුදල් දීමට කටයුතු නොකරීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා හට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
මැතිවරණයට මුදල් නැති වුවද ආණ්ඩුවේ සැණකෙළි හා සංදර්ශන පැවැත්වීම සදහා ඇති තරම් මුදල් පවතින බවත් රටේ උත්ගොෂණ, පෙළපාලි පැවැත්වීමට නොහැකි තත්වයක් නිර්මාණය වෙන බවත් ඒ මහතා විසින් ප්‍රකාශ කොට ඇති බවයි සදහන් වන්නේ.














































