කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා ප්‍රකාශ කරන්නේ මෙරට ජනතාවට තෙවන බූසටර් එන්නතක් ලබා දීමට ගෙන ඇති තීරණය ඉතා සාධනීය පියවරක් බවයි.
එමෙන්ම මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා යහපත් අයුරින් කළමනාකරණය කරමින් පවත්වාගෙන යන බවද කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ එම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ද සම්බන්ධ වූ බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළිවෙළද මේ වන විට සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බවත් එය ලෝකයටම ආදර්ශයක් වන බවත් ය.