ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිස ගෙන ඇති ණය සහන පැකේජය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ඉදිරි සැලසුම් පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
එළඹෙන සිකුරාදා දිනයේ එම දැනුවත් කිරීම සිදු කිරීමට නියමිතව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාව විසින් තෝරාගන්නා ලද මූල්‍ය නීති උපදේශක ආයතනයක් වන ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම හරහා මෙරට මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි.
මේ පිළිබඳව වැඩිදුරටත් වාර්තා වන්නේ මාර්ගගත ක්‍රමවේදය හරහා ණයහිමියන් සමග සම්බන්ධ වීමට කටයුතු යොදා ඇති අතර එයට සහභාගී වන සියලුදෙනාට අදහස් දැක්වීමට හැකියාව ලැබෙන පරිදි අන්තර්ජාල සැසියක් මෙසේ සකස් කර ඇති බවයි.
















































