ප්‍රවීන චිත්‍රපට නළු රංජන් රාමනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යැවීමට කටයුතු කර ඇත.
ඒ ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් අමෙරිකාව බලා පිටත් ව යෑමට පැමිණි අවස්ථාවේ ය.
එසේ හරවා යැවීමට හේතු වී ඇත්තේ, රංජන් රාමනායක මහතාට එරෙහි ව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම පිළිබඳ යාවත්කාලීන කිරීමක් මේ දක්වා ගුවන්තොටුපොළ වෙත ලැබී නොතිබීමයි.
ඊයේ(27) මධ්‍යම රාත්‍රියේ මොහු කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිතව තිබූ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් පළමුව ඩුබායි රාජ්‍ය වෙත ගොස් එතැනින් අමෙරිකාව වෙත යාමට සැලසුම් කර තිබූ බව වාර්තා වේ.













































