ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ වාරික නොගෙවූ වාහන 1500 ක් පමණ රක්ෂණ සමාගම් විසින් අත් කරගෙන ඇති බව හා ඇතැම් රක්ෂණ සමාගම් අත්තනෝමතිකව වාරික මුදල් දෙගුණයකින් වැඩි කර ඇති බවයි.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ රක්ෂණ සමාගම් නිසි ආකාරයෙන් බදු මුදල් ගෙවා ද නැද්ද යන වග සොයා බලන ලෙසයි.














































