අවුරුදු25 හැවිරිදි දැරියක් මවත් සමග දර කැඩීමට රක්ෂිතයට ගිය අවස්ථාවේ අතුරුදන් වී ඇති පුවතක් නුවරඑළිය පොලිසියෙන් වාර්තාවෙයි.
මේ වන විට එම තරුණිය සොයා යුධ හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුමක් දියත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එසේ අතුරුදන් වී ඇත්තේ දර කැඩීම සඳහා ඩන්සිනත් රක්ෂිතයට ගිය අවුරුදු 25ක තරුණියකි.
තරුණියගේ මව වන එස්.මනෝවතී (58) මිය පවසා සිටියේ තමන් සමග ඊයේ උදෑසන 9.30ට පමණ ඩන්සිනන් වතුයායට ඉහළින් ඇති ඩන්සිනන් රක්ෂිතයට ඇය ඇතුළු වූ බවත් රක්ෂිතයේ ඉහළ කඳු මුදුනට දියණිය තනියෙන් ගිය බවත් ඇය නැවත පහළට නොපැමිණි බවත් ය.
පස්වරු 2 වන තුරුත් තම දියණිය නොපැමිණිම නිසා අසල්වාසින්ට මේ පිළිබඳව දැනුම්දීමෙන් පසු ඊයේ සවස සිට අතුරුදන් දියණිය සොයා රක්ෂිතය පුරා මෙහෙයුමක් දියත් කළ බව වාර්තා වේ..















































