අද (08) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන දිනිත් චින්තක කරුණාරත්න මහතා වැඩ භාරගන්නා ලදී.
මොහු මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දශක 03කට අධික කාලයක් පුරාවට විවිධ වගකීම් දරමින් කටයුතු කළ මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශිෂ්ඨ දැනුමක් සහිත අයෙකි.
දිනිත් චින්තක කරුණාරත්න මහතා කැලිෆෝනියාහි සැන්ටා මොනිකා විද්‍යායතනයේ සන්නිවේදන විෂය පිළිබඳ උසස් අධ්‍යාපනය ද හදාරා ඇති අතර ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද පුළුල් දැනුමක් ඇති අයෙකි.
නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා සිය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
















































