English
සිංහල
04:07 සිකුරාදා, මාර්තු 13, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රට කෑලි 9 කට කඩා අනාගත යුද්ධයකට මග කියන 13 අලුත්ම කතාව

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනය යළිත් වටයකින් කරලියට පැමිණ තිබෙන්නේ එම සංශෝධනයට මග හෙළිකළ ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මෑතදී කළ සංචාරයත් සමගය.

    මේ සිද්ධියත් සමගම නැවතත් ශ්‍රී ලංකාව බෙදීමේ උපක්‍රම ගනනාවක් ක්‍රියාත්මක වන අතර, නවතම ආරේ වැඩසටහන් ඉදිරිපත්කරමින් රටට වැදගත් පණිවිඩ පමණක් ලබා දීමට අවශ්‍ය වැඩසටහන් ඉදිරිපත් කරන “ ජය TV” නාලිකාව තුලින් අද රාත්‍රී 08.00ට  The Challange වැඩසටහනින් මේ පිලිබදව සම්පූර්ණ දැනුමක් රටට හිතැති ඔබට දැනගත හැකිය. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ

    මෙම වැඩසටන සජීවීව PEO tv 94, ඩයලොග් tv 25, මුහුණු පොත සහ යු ටියුබ්  ඔස්සේ විකාශනය වේ.

    13 වන ව්‍යවස්ථා සංශෝධනය තවත් ශක්තිමත් කරන බවට, බලයට පැමිණි සියලුම රජයන් කිනම් හෝ අවස්ථාවකදී පොරොන්දු වී තිබුණ ද එය හුදෙක් ඊට ම පමණක් සීමා විණි. එවන් තත්ත්වයක් තුළ, රටේ බලය බෙදීමේ සහ සංහිදියාව ඇතිකිරීමෙහි ලා 13 වන සංශෝධනයට මුල්තැන හිමිවන බව ඉන්දියාව මතක් කර දෙයි.

    එම සංශෝධනය හරහා ඇති කෙරුණු පළාත්සභා මේ වන විට අවුරුදු තුනකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වන්නේ මහජන නියෝජනයකින් තොරව වීම තුළ, පළාත්සභා අකර්මණ්‍ය වී ඇති බවට හැඟවීම හරහා ඇතැම් දේශපාලනඥයින් සිය මතය හා සමපාත කරමින් පළාත්සභා අවශ්‍ය නැතැයි යන මතය සමාජගත කිරීමට යත්න දරන බවක් ද පෙනෙන්නට තිබේ.

    පසුගියදා ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයක නිරත වෙමින් ජනපති, අගමැති හා විදේශ ඇමති හමුවූ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයෂන්කර් පැවසුවේ ඉන්දියාව විසින් කලාපයේ සාමය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ එක්සත්කම, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව සඳහා ඉන්දියාව දැඩි ලෙස කැපවී සිවින බවය.

    යාරූප මූලාශ්‍රය,SRI LANKA FOREIGN MINISTRYඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයෂන්කර් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන සමඟ “ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට අපගේ සහයෝගය දිගු කලක් තිස්සේ පවතින අතර ඇත්ත වශයෙන්ම ජනවාර්ගික සමගිය දිරිගැන්වීම සියලු දෙනාගේම දේශපාලන අභිප්‍රායයි. එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාමය සහ අභිමානය පිළිබඳ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු වන්නේ ශ්‍රී ලංකාවේම උන්නතිය වෙනුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ද ඇතුළුව අර්ථවත් බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් කරන ලද කැපවීම් එයට එක හා සමානව බලපායි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හා සමෘද්ධිය නිසැකවම ඉදිරියට යනු ඇත,” යැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයෂන්කර් පැවසීය.

    එහෙත් පසුගියදා සරත් වීරසේකර ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකුම පැවසුවේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට සම්බන්ධ පළාත් සභා ක‍්‍රමය වහාම අහෝසි කළ යුතු බවකි.

    පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ, “පළාත් සභාවලින් ඇත්ත වශයෙන්ම රටට සේවයක් සිදුවුණාද? සේවයක් සිදුවුණා නම් පළාත් සභා තිබිය යුතුයි. සේවයක් සිදුවුණේ නැද්ද? නැත්තම් කොච්චර වියදමක් යනවද? මෙන්න මේ දේ ගැන අධ්‍යනයක් කරගෙන යනවා. නමුත් පළාත් සභාවල දැනට තියෙන තත්ත්වය එහෙමයි. ඉතිං ඒක නිසා ඒක තමයි මගේ මතය.” යනුවෙනි.

    “නීති හදන්න පුළුවන් බලතල තියෙන කරුණු ඒ විෂයන් තවදුරටත් පළාත් සභාවලට දියයුතු ද කියන ප්‍රශ්නය අපිට මතු වෙනවා. උදාහරණයක් හැටියට අපි සම්පුර්ණයෙන්ම උතුරු සභාවට දුන්නොත් පුරාවිද්‍යා නටඹුන් පිළිබඳව විෂයන්, ඉඩම් පිළිබඳව විෂය, පොලිස් බලතල විෂය අපිට අපේ උරුමය නැතිවෙන්න පුලුවන්. ඒ සම්බන්ධයෙන් ඒ වගේ බෝහෝ කරුණු තියෙනවා අපිට අධ්‍යනය කරන්න.”

    ගෝලීය දෙමළ සංසදය (ජීටීඑෆ්) නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ දෙමළ ජනතාවගේ සහ අනෙකුත් සුළු ජාතීන්ගේ නීත්‍යානුකූල අභිලාෂයන්ට ආමන්ත්‍රණය නොකිරීම සහ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ප්‍රජාවන් අතර ඇති වෙනස්කම් නිර්දය ලෙස හාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බිහිසුණු මිලක් ගෙවා ඇති බවය.

    මෙය දශක ගණනාවක ප්‍රචණ්ඩත්වයට තුඩු දුන් අතර සීමිත ආර්ථික ප්‍රගතියක් සහිත එකතැන පල්වූ රටක් බවට ලෝකයේ ප්‍රගතිශීලී ජාතීන් අතර අපකීර්තියට පත්ව ඇති බව ශ්‍රී ලංකාවේ ඛේදනීය ඉතිහාසය පෙන්නුම් කර ඇතැයි ද එම සංසදය සඳහන් කරයි.

    “රාජපක්ෂ ආණ්ඩුවේ දෘෂ්ටිවාදීන් විසින් නැවත නැවතත් පෙන්නුම් කරනුයේ, දැඩි මතධාරී බහුතරවාදී දේශපාලනය තුළ , සුළුතර අපේක්ෂාවන් සහ ජාත්‍යන්තර කැපවීම් අපතේ යා හැකි බවට දෙමළ ජනතාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව වෙත අනතුරු ඇඟවීමක් කෙරෙන බවයි.” යනුවෙන් එම සංසන්දය කියා සිටී.

    එය තවදුරටත් සඳහන් කරනුයේ දශකයකට වැඩි කාලයක් තිස්සේ රාජපක්ෂවරුන් සිය පුරවැසියන්ට, ඉන්දියාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු දී තිබියදීත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ඇති පළාත් සභා අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජයේ නායකයින් කටයුතු කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.” යනුවෙනි.

    කෙසේවෙතත්, 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින් ම ක්‍රියාවට නැවීම හෝ එය ශක්තිමත් කරන ලෙස ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ බලකිරීමට ශ්‍රී ලංකාව මේ මොහොතේ ලක්වී සිටින්නේ ඇයිදැයි යන්න ප්‍රශ්ණ කිරීමට කාලය එළඹ ඇති බව විශ්ලේශකයෝ පවසති.

    BBC පුවත් සේවයේ වාර්තාවකින් උපුටා ගන්නා ලදී. සම්පූර්ණ විස්තරය පහත දිගුවෙන් බලන්න.

    https://www.bbc.com/sinhala/sri-lanka-55574372

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version