ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාට පොපි මලක් පැළඳවීමේ අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (ඔක්තෝබර් 12) එක් විය.
ඒ අනුව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ උප සභාපති මේජර් ජෙනරල් මහින්ද අඹන්පොල (විශ්‍රාමික) ප්‍රමුඛ කණ්ඩායම අද පෙරවරුවේ කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් හමුව ඇත.
වාර්ෂික වශයෙන් මියගිය රණවිරුවන් සැමරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය පොපි මල් දිනයක් සංවිධානය කර ඇත.
මෙම දිනයේ දී එකතු කරන මුදල් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන ව්‍යාපෘති සඳහා වැය කිරීමට නියමිතව ඇත.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ප්‍රධාන ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් පී.කේ.සී. ශාන්තිලාල් කංකානම්ගේ, සන්නද්ධ හමුදා අනුස්මරණ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය, මේජර් චිල්ටස් ද සිල්වා සහ චන්දි හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















































