ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය බලා දිවයිනෙන් පිටව ගොස් ඇත.
අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට ඔහු මෙසේ බ්‍රිතාන්‍ය බලා පිටවගොස් ඇත.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධූරයට පත්වීමෙන් අනතුරුව සිදු කරන ලද ප්‍රථම නිල විදේශ සංචාරය මෙය බවද වාර්තා වේ.
එළඹෙන 19 වනදා දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සිදු කිරීමට නියමිත අතර ඊට සහභාගී වීමෙන් අනතුරුව ලබන 20 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.















































