මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වන ලිඛිත පරීක්ෂණ විභාග දෙපාර්තමේන්තුව ඔස්සේ සිදුකිරීමට සැලසුම් කරන බවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණවලට අමතරව අදාළ ලිඛිත පරීක්ෂණ විභාග දෙපාර්තමේන්තුව ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ.
මේ ඔස්සේ තමා අයත් ප්‍රදේශ තුළම රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණවලට සහභාගීවීමේ අවස්ථාවද ඉල්ලුම්කරුවන්ට හිමි වනු ඇත.