හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින්ට එරෙහිව පවරා තිබු නඩුවකින් ඔහු ඇතුළු පිරිස අද (02) නිදොස් කොට නිදහස් කර ඇත.
ඒ මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන් වුවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදවමින් රජයේ මුදල් අවභාවිත කල බවට පවරා තිබු නඩුවකිනි.නඩුව කැඳවා ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේදීය.
එසේම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවෙකුව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නීතිපතිගේ උපදෙස් අනුව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02) නියෝග කර ඇත.
ඒ අනුව බදියුදීන් මහතා අද(02) දිනයේ එතුමාට පවරා තිබූ නඩු දෙකකින් නිදොස් කොට නිදහස් වී ඇත.













































