නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අරගලය හේතුවෙන් ගාලු මුවදොර ආශ්‍රිත භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49ක් පමණ වන බවයි.
මේ වන විට ගාලු මුවදොර භූමියට සිදුව ඇති අලාභ හානිය පිළිබඳව තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
එම භූමිය නැවත සැකසීම සඳහා හා මූලික කටයුතු වෙනුවෙන් රු.ලක්ෂ එකහමාරක පමණ මුදලක් සහ එහි තණ පිඩලි ඇල්ලීම සඳහා රුපියල් ලක්ෂ 48ක පමණ මුදලක් වැය වන බවයි නාගරික සංවර්ධන අධිකාරිය සකස් කරන ලද එම තක්සේරු වාර්තාවේ සඳහන්ව ඇත්තේ.
එමෙන්ම ගාලුමුවදොර පිටිය ආශ්‍රිත ප්‍රදේශයට සිදුකළ හානියට අදාළ වන්දි අරගලකරුවන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ද ගන්නා ලෙස විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලාබ දී ඇත.