ඊයේ (30) දිනයේ දී ලෝක බැංකුවේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක් ලබා දීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වේ.
අදාළ ණය මුදල අනුමත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සැපයුම්දාමයන් එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා ආරක්ෂාකාරී, දේශගුණික බලපෑම්වලට ඔරොත්තුදෙන මාර්ග පද්ධතියක් සැකසීම වන අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ය.