ඔමික්‍රොන් බලපෑම ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලට බලපා ඇති බව වාර්තා වේ.
ලොව පුරා සීඝ්‍ර ලෙස මේ වන විට පැතිර යන ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ලෝක වෙළඳපොළෙහි ඉන්ධන මිලට ද බලපෑම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙනිසා නව සංචරණ සීමා පැනවීම තුළින් ඉන්ධන සඳහා වන ඉල්ලුම අඩුවෙතැයි වෙළඳපොළ විශේෂඥයන් සඳහන් කරති.
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් ශත 59කින් අඩු වී ඇති අතර එහි මිල දැක්වී ඇත්තේ ඩොලර් 74.43ක් ලෙසය.
දත්ත අනුව පෙනී යන්නේ මෙම සතිය තුළ දී බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල එ1% කින් අඩුවී ඇති බවයි.