කඩුවෙල වැලිහිද ප්‍රදේශයේදී නීති විරෝදී ස්කෑනර් යන්ත්‍රයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
අත්අඩංගුවට ගන්නාලද මෙම අධිතාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රය නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති බව පැවසේ.
විශේෂ කාර්ය බළකා නිලධාරීන් හට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කොට තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු (45) හැවිරිදි පුද්ගලයකු වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු නවගමුව පොලිසියට බාර දී තිබේ














































