මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ තවත් ඉන්ධන පිරවුම්හලකට මුද්‍රා තැබීමට කටයුතු කළ බවයි.
මෙසේ මුද්‍රා තබා ඇත්තේ වැල්ලවාය නගරයේ ඇල්ල මාර්ගයේ පිහිටා ඇති IOC ඉන්ධන පිරවුම්හලකට බව වාර්තා වේ.
අදාළ ඉන්ධන පිරවුම්හල මහජන උපයෝගීතා කොමිසම, පාරිභෝගික සේවා අධිකාරිය, ITI ආයතනය සහ මිණුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකින් මෙසේ මුද්‍රා තබා ඇත.
මෙසේ ඉන්ධන පිරවුම්හලට මුද්‍රා තැබීමට කටයුතු කර ඇත්තේ ඉන්ධන තොග සඟවාගෙන සිටීම, ගුණාත්මක බව පිළිබඳ ගැටලු, ඉන්ධන පොම්පවල තිබූ මුද්‍රා ඉවත් කර තිබීම සහ නියමිත ප්‍රමාණයට පොම්පවලින් ඉන්ධන නිකුත් නොවීම ආදී කරුණු මත පදනම්වය.
වැටලීම සඳහා එක්ව සිටි නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.













































