පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කල හැටන් නගරයේ වෙළෙදසැල් හිමියෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කල බවට වාර්තා වේ.
අදාල වෙළෙදසැල් හිමියා රතු බිත්තරයක් රුපියල් 52 කට සහ සුදු බිත්තරයක් රුපියල් 56 කට අලෙවි කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය විසින් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල බවත් ඔහු එහිදී වරද පිලිගෙන ඇති බවත් ඒ අනුව දිසාවිනිසුරු ෆාරුක් ඩීන් විසින් රුපියල් ලක්ෂයක දඩයක් නියම කල බවට වාර්තා වේ.















































