රැකියාවක් සඳහා විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ගේ ගැටලු සොයා බලා ඒවාට කඩිනමින් විසඳුම් ලබාදෙග ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී ඇත.
එම උපදෙස් පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවති විදේශ විනිමය ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අමාත්‍යවරයා විසින් ලබා දී ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.
අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කර ඇත්තේ විදේශ රැකියා වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්ට වැඩි ඉල්ලුමක් මේ වන විට ලැබී ඇති බැවින් ඊට යොමු වීම සඳහා ඇති බාධාවන් සොයා ඒවා හැකි ඉක්මනින් ඉවත් කළ යුතු බවය.
ඒ අනුව මේ වන විට විදෙස්ගත වීමට අපේක්ෂිත පිරිසට ගුවන් යානා ආසන පහසුකම් හිඟවීම පිළිබඳව පවතින ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති අතර මෙරට ගුවන් සමාගම මෙන්ම අවශ්‍යතාවය පරිදි විදෙස් ගුවන් සමාගම් ද යොදා ගනිමින් හෝ එම ගැටලුව විසඳීමට පියවර ගන්නා ලෙස බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.