විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් තාවකාලිකව නවතා ඇත.
නැවත දැනුම්දෙන තුරු අදාළ කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මේ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.
මේ වන විට පරිගණක පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවත් එය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව යළි දැනුම් දෙන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.
කෙසේ නමුත් කිසිදු බාධාවකින් තොරව අනෙකුත් කන්සියුලර් සේවාවන් සිදු කරගෙන යන බව ද එම අමාත්‍යංශය නිවේදනය කරයි.













































