අනුරාධපුර දිස්ත්‍රික්කයේ ,ගලෙන් බිඳුනු වැව ප්‍රදේශයේ ගොවි ජනතාවට කෝටි 25ක පමණ මූල්‍ය වංචාවක් සිදුකළ හිටපු පොලිස් නිලධාරියෙක් පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමක් පසුගිය දා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදුකරන ලදී.
චමුදිත සමරවික්‍රම මහතා විසින් සමාජ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා මෙම ගැටලුවට මුහුණ දුන් කිහිප දෙනෙකු ගෙන්වා තිබූ අතර එහි දී ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මේ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සිදු කරන ලදී.
එහි දී ඔහු පෙන්වා දුන්නේ එම පුද්ගලයා විශාමික පොලිස් නිලධාරියෙක් වන බවත් ඔහු විසින් මෙම HSB මූල්‍ය සමාගම නමින් භාණ්ඩ උකස් සමාගමක් වශයෙන් ආරම්භ කරන ලද බවත් ය.
මෙම සමාගමේ හිමිකරු නමින් ඉන්දික ප්‍රේමකුමාර වන අතර ඔහු හිටපු පොලිස් නිලධාරියෙක් වන අතර එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
කෙසේ නමුත් මොවුන් සඳහන් කරන්නේ මෙම සමාගම තුළින් මේ වන විට පුද්ගලයින් 125 දෙනෙකුට පමණ පිරිසකට මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බවත් අදාළ සමාගම මහ බැංකුවේ ලියාපදිංචි බවට අසත්‍ය ලේඛන සකස් කර ජනතාව මුලාවේ දමා ඇති බවටත් මේ වන විට අනාවරණය වී ඇති බවයි.
එමෙන්ම මේ වන විට ආරංචි මාර්ග සඳහන් කරන පරිදි අදාළ මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයා ද රටින් පිටව යාමට සැලසුම් කරමින් සිටින බවත් ය.
මේ පිළිබඳ අදාළ බලධාරීන් සිය අවධානය යොමු කර මෙම අසාධාරණයට ලක්ව ඇති ජනතාවට යම් සාධාරණයක් ඉටු කිරීමට පියවර ගත යුතුව ඇත.
අදාළ වැඩසටහන පහතින්,














































