ගාල්ල, කරාපිටිය ශීක්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වන යොහාන් කොරළගේ මහතාට තවත් වෛද්‍ය හෝ වෛද්‍ය නොවන වෙනත් පාර්ශවයකින් යම් තර්ජනයක් එල්ල වී තිබෙන බව වාර්තා වනවා.
කොඳු නාරටිය සහ මොළය ආශ්‍රිත සියලු රෝගාබාධ සදහා වෛද්‍ය විද්‍යාවේ නවීනතම ක්‍රම භාවිතා කරන ඒ මහතා අද හවස (03 ) ඇඹිලිපිටියේ පිහිටි පෞද්ගලික ආයතනයකට තම රෝගීන් බැලීම සදහා පැමිණීමට නියමිතව තිබුනද, යම් කිසි පාර්ශවයකින් එල්ල වී තිබෙන යම් තර්ජනයක් නිසා එසේ පැමිණීමට නොහැකිව සිටීම හේතුවෙන් ඔහු බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් විශාල ප්‍රමාණයක් අපහසුතාවයට පත්ව සිටී. ඒ මහතා රෝගීන් අතර ජනප්‍රිය වෛද්‍යවරයෙකි.
ඔහු අද ඇඹිලිපිටියට පැමිණීමට ඇත්තේ 4 වෙනි දිනයට වේ. අප මේ පිලිබදව විමසු විට අදාල පෞද්ගලික ආයතනය ප්‍රකාශ කලේ, එම වෛද්‍යවරයා නැවත එන දිනයක් සදහන් කර නැති බවයි. අප එම පෞද්ගලික ආයතනයේ හිමි කාර වෛද්‍යවරයා සම්බන්ද කර ගැනීමට උත්සහ කලද එයද ව්‍යර්තව ගිය බැවින් අප තව දුරටත් මේ පිලිබදව සොයා බැලීමේදී දැන ගන්නට ලැබුනේ මීට දින කිහිපයකට පෙර රෝගීන් 80 කටත් වඩා වැඩි ප්‍රමාණයකට අද දිනය සදහා (03) අංක නිකුත් කර තිබු බවයි. ඔහු අවසන් වතාවට පැමිණි දිනයේ රෝගීන් 120 දෙනෙකු පමණ සිටි බවද පැවසේ.
එසේම මේ මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා රත්නපුර, මොණරාගල, අම්පාර වැනි දිස්ත්‍රික්කයන් වලින් වැඩි ප්‍රමාණයක් ගාල්ල , සහ මාතර පිහිටි පෞද්ගලික රෝහල් කිහිපයකට පැමිණෙන බැවින් රත්නපුර ප්‍රදේශයේ කිහිප දෙනෙකුගේ ඉල්ලීම පරිදි ඔහු ඇඹිලිපිටියේ පිහිටි පෞද්ගලික ආයතනය වෙත සති දෙකකට වරක් පැමිණීමට යොදාගෙන ඇත්තේ රෝගීන්ගේ පහසුව වෙනුවෙනි.
කෙසේ වුවද, ඔහුට පවතින තර්ජනය කුමක්ද යන්නද, එය කාගෙන් සිදුවන්නක්ද යන්නද අප මේ වන විටත් සොයාගෙන ඇති අතර, එය හෙළිදරව් කිරීමෙන් එක්තරා කණ්ඩායමකට දැඩි අපකීර්තියක් සිදු වන බැවින් අවශ්‍ය වුවහොත් පමණක් එළිදරව් කිරීමට පියවර ගනු ඇත. (ඡායා රූපය යොහාන් කෝරලගේ මහතාගේ මුහුණු පොතෙනි).
















































