පසුගිය දා සීදුව රද්දොළුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අභිරහස් ලෙස අපවත්වීම සම්බන්ධයෙන් සැකපිට එම විහාරයේ වැඩ වාසය කරන ලද හිමිනමක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එම හිමිනම අද (15) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටව යාමට උත්සාහ කිරීමේ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
විහාරාධිපති පූජ්‍ය නැදගමුවේ මහානාම හිමියන්ගේ අබිරහස් ලෙස ඝාතනය වූ දේහය සොයා ගන්නා ලද්දේ එම විහාරස්ථානය දෙසින් දුර්ඝන්ධයක් හමන බවට පොලිසියට සිදු කළ දැනුම්දීමකට අනුවය.
උන්වහන්සේ අපවත් වන විට වයස අවුරුදු 55 වියෙහි පසුව ඇත.
විහාරාධිපති හිමියන්ගේ දේහය හමුවන විටත් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති එම විහාරයේම වැඩ වාසය කළ හිමිනම අතුරුදන්ව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සීදූව පොලිසිය විසින් සිදු කරයි.













































