“සුහඳ හදක්” ඇති ලංකා බැංකුව යනු රාජ්‍ය බැංකුවකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය යනු කුමක්දැයි යන්න සහ එයින් ජනතාවට සිදු වූ අපරාධය දැන් අමුතුවෙන් ලිවිය යුතු නොවේ. දේශපාඥ්ඥයාටම බනින රටේ ජනතාව නොදුටු අනෙක් පැතිකඩ වන්නේ රටේ කෑලි කෑලි කඩා විකුනන්නේ ද, රට අරාජික කරන තීරණ සදහා අත්සන තබන්නේද රාජ්‍ය සේවකයා බවයි. ඉන් ඉහළින්ම සිටින්නේ මාණ්ඩලික ශ්‍රේණිය ඇතුළු තීරණ ගන්නා පාර්ශ්වයන් බව අප දිගින් දිගටම ලියා තිබේ.
මේ කතාවද ජනතාවගෙන් වැටුප් ලබන ලංකා බැංකුව දිගන ශාඛාවේ කළමනාකරු විසින් “වයෝවෘද්ධ එක් තැන් වූ මවකට” මිය ගිය පුතාගේ විශ්‍රාම වැටුප් ලබා නොදීමේ පුවතක් වාර්තා වේ. (වීඩියෝව බලන්න). මෙවැනි අවස්තාවක ගිණුම් හිමිකරු බැංකුවට නොපැමිණ නීත්‍යානුකූලව මුදල් ලබා දීමට ක්‍රමයක් බැංකුවක් තුල නොතිබිය නොහැකිය. මෙවැනි නැගිට ගැනීමටවත් නොහැකි මාතාවකට බැංකුවට පැමිණීමට නොහැකි බව දන දැනත් එවැනි අය වෙනුවෙන් නිවසට ගිහින් හෝ මුදල් ලබා දීමට යම් ආරක්‍ෂිත මානුෂවාදී ක්‍රමයක් බැංකුවක් තුල නොමැති නම් එවැනි බැංකුවක් රාජ්‍ය බැංකුවක් විය නොහැක.
බැංකු නිලධාරීන්ට සියලු සැප පහසුකම් ලබා දී තිබේ. එසේම කෝටි ප්‍රකෝටිපතියන්ගේ බිලියන් ගන්නන් ණය මුදල් බොල් නය වශයෙන් කැප හරින්නේ ජනතාවටත් හොර රහසේය. සාමන්‍ය ජනතාවගේ බෙල්ල කපා දමනා ඔවුන් ද රටට බරකි. සාමාන්‍ය ජනතාවගේ නය පොලිය 20% ක් නම් බැංකු නිලධාරීන්ගේ ණය පොලිය 4% කි. එවන් මිනිසුන්ට මෙවන් මාතාවකගේ වේදනාව නොදැනෙන්නේ නම් අනිත් ඒවා ගැන කතා කිරීමට දෙයක් ඉතිරිව නැත.
අනෙකා යහපත්ව සිටිනා තාක් කල් ඔහුගේ මුදල් බැංකුවට ලැබී ඔහු හෝ ඇයට මේ ආකාරයෙන් වූ විට රාජ්‍ය බැංකුවක් මේ ආකාරයෙන් සැලකීම කණගාටුවකට කරුණකි. එහෙත් ලංකා බැංකුවේ පාඨය “සුහඳ හදක් ඇති ජාතියේ මහා පහන් ටැඹයි”. බොහෝ බැංකු නිලධාරීන් මානව දයාවෙන් යුතුව වැඩ කටයුතු කලද මේ අකාරයෙන් වැඩකටයුතු කරන්නෝ රාජ්‍ය බැංකුවකට වැඩක් නැත. ඔවුන්ට ජනතාව වැටුප් ගෙවන්නේ නිසි ලෙස ජනතාව වෙනුවෙන් සේවය කිරීමටය.














































