කළුතර, පයාගල, පාලයන්ගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක ගින්නක් හටගෙන ඇත.
මෙලෙස ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැලක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ගින්නට හේතුව ගෑස් කාන්දුවක් නොවන බව කරන ලද මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
එමෙන් ම සිද්ධිය සැල වූ වහාම කළුතර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නෙන් වෙළඳසැල් හිමිකරුට සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වේ.