ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වෙමින් පැවති රුපියල වසර අවසානයේදී නැවතත් දුර්වල විය හැකි බවත් එහිදී රුපියලේ අගය 23%කින් පමණ පහත වැටෙනු ඇති බවට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලදි
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල සදහා එහි අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය හිමි වුවද ,මූල්‍ය වැඩසටහනට අනුව කටයුතු කිරීම දුෂ්කර අභියෝගයක් වනු ඇති බවට ෆිච් මූල්‍ය විසදුම් අංශයේ අවදානම් විශ්ලේෂක සේවෑන්ග් ටි මහතා පවසා තිබෙන බවට වාර්තා වේ.
විදේශ ණය ගෙවීම සදහා සංචිතය ඉහල නැංවීමට සිදුවීම,දුර්වල ආර්ථිකය සහ ඉදිරි මැතිවරණය ඊට බාධාවක් ඇති කළ හැකි බවද ඔහු විසින් වාර්තා කල අතර වසර අවසානය වන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 390 දක්වා දුර්වල විය හැකි බවට ෆිච් විශ්ලේෂකයා විසින් වාර්තා කරන ලදි.
















































