ශ්‍රි ලන්කන් සමාගමේ සමුච්චිත අලාභය මෙරට සමස්ත ජනග්‍රහනයෙන් බෙදු විට එක් අයෙක්ට හිමි වන ණය මුදල රුපියල් 32,000 ක් බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී හෙළි වූ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය රංජිත් බණ්ඩාර මහතා ,
“පසුගිය වසර දෙකක කාලය තුළ මෙහෙයුම් ලාභයක් ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත ලබාගෙන තිබෙනවා. ඒ වගේම එහි වර්ධනයකුත් තියෙනවා. නමුත් අවාසනාවකට සමුච්චිත අලාභය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. බිලියන 1.2ක අලාභයක් එකතුවෙලා තියෙනවා. අපි ගණනය කරලා බැලුවා.. ඒක පුද්ගල ශ්‍රී ලාංකික ණය උරුමය කීයද කියලා. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සමස්ථ අලාභය අපි බෙදුවොත් ජනගහනයෙන්.. රුපියල් 32,000ක් විතර එක්කෙනෙකුට හිමි වෙනවා ණය කොටස.”














































