ශ්‍රී ලංකාවේ පවතින නීතිය මෙන්ම ගෝලීය වශයෙන් පවා පනවා තිබෙන නීති සහ රීතී වලට අනුගත වෙමින් අපගේ පුවත් පළකිරීම සිදුකරන අතර කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් නොලියා සමබරව පුවත් සැපයීම අප විසින් සිදුකරන අතර අගතියට පත්වන පාර්ශ්වයට පිළිතුරුදීම සදහා අවශ්‍ය ඉඩකඩ වෙන්කර තිබෙන බව සෑම පුවත්කටම යටින් අප සඳහන් කර තිබේ. ඉන් කියවෙන්නේ කිසිදු පාර්ශ්වයකට අප ලවා අසත්‍ය පුවත් පලකිරීමට අපව මෙහෙයවිය නොහැකි බවයි. යමෙක් අප ලවා එසේ කළහොත් අප විසින්ම ඔහුට හෝ ඇයට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කිරීමද විශේෂත්වයකි.
එසේම ජාතික වශයෙන් වැදගත්වන සෑම පුවතකම එහි වරද, වරද නිසා සමාජයට සිදුවන බලපෑම, භෞමික අඛණ්ඩතාවය පවත්වාගෙන යාම නොහැකි වීම ආදි සියල්ලම උදාහරණ සමග අප සදහන් කර තිබේ. කෙසේ වෙතත් අප පලකරන පුවත් වලින් පසු රටේ නීතියට සහ යමක් තේරෙන සියලුම පුද්ගලයන් කතාකර තමන්ට විරුද්දව පළකර ඇති පුවත පිලිබදව ඔහුගේ ප්‍රකාශ ලබා ආදී ඒවා නිවැරදි කරවාගෙන තිබේ. එවන් අවස්ථාවලදී අප දෙපාර්ශ්වයේම කරුණු ගෙන සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරිපත් කරන අතර ඉන් අප සමාජයට දැනුමක්ද එකතු කර තිබේ.
කෙසේ නමුත් මේ වන විට අපට චෝදනාවක් එල්ලකර තිබේ. එනම් ජාතික ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් වන ආකාරයෙන්ද, ආරක්ෂක ලේඛ්ම්ට, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට සහ පොලිස්පතිට අගතිගාමී වන ලෙස සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රතිරූපයට හානිදායක වන ලෙසද පුවත් පලකිරීමට වඩාත් උත්සුක වී තිබෙන බවට වන ලිපියක් මේ වන විට අප වෙත නිල වශයෙන් ලැබී තිබේ. කෙසේ නමුත් ඒ ආකාරයෙන් ලිපියක් නිකුත් කර අපව වාරණයකට ලක් කිරීමට හමුදාධිපතිවරු දෙදෙනෙකුට සහ පොලිස්පතිට අවශ්‍යව තිබී නැති අතර රාජ්‍යයේ යහපැවැත්මට එරෙහිව කටයුතුකරන, රාජ්‍ය ආරක්ෂාවට එරෙහිව කටයුතු කරන කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත මෙම චෝදනාව අප වෙත එල්ල කර තිබේ. දේශපාලන වුමනාවන්වලට අනුව කටයුතු කරන කණ්ඩායමක් මේ පිටුපස සිටින බවටද තොරතුරු අප වෙත් ලැබී තිබේ. එය අපට ගැටළුවක් නොවේ.
අපගේ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයක් සිටින අතර ඔවුන් සියලුම දෙනා හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් වන අතර (ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බන්ධනාගරය) තවත් කිහිප දෙනෙකු රාජ්‍ය පරිපාලන සේවයේ ජේෂ්ඨතම නිලධාරින්ය. එසේම නීතිවේදීන් කිහිපදෙනෙකුද සිටි. එබැවින් කිසිම අවස්ථාවක සාක්ෂි නොමැති අසත්‍ය පුවත් වාර්තාකිරීමට ඉඩක් නැති අතර රාජ්‍ය ආරක්ෂාවට මෙන්ම භෞමික අඛණ්ඩතාවය පවත්වාගෙන යාමට අවශ්‍ය ලෙස උපදේශ සහිතව පුවත් පළකිරීමට කටයුතු කර තිබේ.
එම ලිපියත් සමගම මේ දින කිහිපය පුවත් පළකිරීම යම් ආකාරයක පසුබෑමකට ලක්ව තිබෙන අතර නිල වශයෙන් ලිපියක් ලැබූ විගස අප ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඒවා විසදාගත යුතුය. අප ලියාපදිංචි බලපත්‍රධාරි ආයතනයක් බැවින් අප එසේ කල යුතුමය. අප සියලුම කටයුතු කරනුයේ නීතියට අනුව පමණි. එබැවින් අප විසින් මේ චෝදනාව පිලිබඳව පරීක්ෂණයක් ඉල්ලීමට අද පැවති විධායක සහ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව අප මේ වන විටත් එම ඉල්ලීම විද්‍යුත් තැපැල් මාර්ගයෙන් වගකිව යුතු රාජ්‍ය ආයතනය වෙත යොමුකර තිබේ. එම පරීක්ෂණය සති දෙකක් ඇතුලත නිමාකරන ලෙසද අප ඉල්ලා තිබෙන අතර එම සති දෙකක කාලය තුල ආරක්ෂක අංශ පිලිබඳව කිසිදු පුවතක් පල නොකිරිමටද තීරණය කර තිබේ. සමහර විට එය මාසයක් දක්වා කාලයක්ද විය හැකිය.
එබැවින් අප වෙත ආරක්ෂක අංශවල වැරදි කරන නිලධාරීන් පිලිබඳව ලැබෙන සියලුම පුවත් එකතුකර ඒවා එකවර පලකිරීමට කටයුතු කරන අතර වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප එසේ කල යුතුව තිබේ. කෙසේ නමුත් සාක්ෂි සහිතව පලකරන පුවත්, රටට අගතිගාමීලෙස කටයුතු කරන පුද්ගලයන්ගේ පුවත්, ජාතික ආරක්ෂාවට එරෙහිව කටයුතු කරන පුද්ගලයන්ගේ පුවත් පලකිරීම වාරණයට ලක් කල නොහැකි අතර ඔවුන් ප්‍රකාශ කරන ආකාරයේ පුවත් අප පළකර තිබෙන බවට සාක්ෂි සහිතව ඔප්පුකිරීමට ඔවුන්ට සිදුවනු ඇත.
කෙසේ නමුත් 11 වැනිදා සිට අනෙකුත් පුවත් සියල්ල සහ පාරිසරික, සමාජීය මෙන්ම රටට අහිතකර සියලුම ආකාරයේ පුවත් මෙන්ම ආධ්‍යාපනික පාඩම් සහ විශේෂාංග වැඩි ප්‍රමාණයක් ඔබ වෙත ඉදිරිපත්කිරීම සිදුවනු ඇත. ආරක්ෂක අංශ සම්බන්ධයෙන් වන පුවත් බලාපොරොත්තුව සිටින අපගේ සියලුම පාඨකයන් යම් අපහසුතාවකට පල වන්නේ නම් ඒ පිලිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශකරන අතර සති දෙකකින් පසු පෙරටත් වඩා මාධ්‍යකරණයක් අප විසින් සිදුකරනු ඇත.
වෙබ් අඩවියේ ලියාපදිංචි හිමිකරු විසින් මෙම පළකිරීම කරන ලදී














































