වසර 05ක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක ආධාර ලබාදෙන බවට අමෙරිකා එක්සත් ජනපදය USAID සංවිධානය නිවේදනය කර ඇත.
මෙම ආධාර පිරිනැමීම සිදු වන්නේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ග්‍රේබියෙල් ග්‍රෝ මහතා සහ මෙරට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අත්සන් කරන ලද සංවර්ධන අරමුණු සහාය ගිවිසුම යටතේ ය.
මෙරට පිහිටි අමෙරිකා තානාපති කාර්යාලය නිවේදනය කළේ මෙම ආධර පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළ අමෙරිකා ඩොලර් මිලියන 60කට අධික නව මානුෂීය සහ පොහොර ආධාරවලට අමතරව සපයා දෙන බවයි.
















































