දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලොව ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතු සිදුකළ හැකි පරිදි ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masatsugu Asakawa මහතා සමග අද (30) පෙරවරුවේ පැවති හමුවේදී ජනාධිපතිවරයා අදාළ යෝජනාව සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
එම හමුවේ අද පෙරවරුවේ පැවතියේ පිලිපීනයේ මැනිලා නුවර ආසියානු සංවර්ධන මූලස්ථානයේ දීය.
එහි දී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බවයි.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරන කටයුතු සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේ දී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.














































