කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇත.
ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි.
පනත් කෙටුම්පතට වගන්ති කිහිපයක් එක්කර ගැනීම මගින් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම් දී ඇත.















































