රිචඩ් නට්ල් මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන වාණිජ නිලධාරීවරයා ලෙස පත්කර ඇත.
රිචඩ් නට්ල් මහතා ප්රමුඛ ගුවන් සේවා සහ ආයතන කිහිපයක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ තනතුරු හොබවා ඇති අතර ගුවන් සේවා ක්ෂේත්රය පිළිබඳව දශක තුනකට අධික පලපුරුද්දක් ද ඇති අයෙකි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරන්නේ මොහු ගුවන් සේවා කළමනාකරණය, උපාය මාර්ග සංවර්ධනය, ඩිජිටල් උපාය මාර්ග, උපදේශනය, ගෝලීය නායකත්වය, ආදායම් කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවිණයෙක් සහ පළපුරුද්ද විහිදී පවතින අයෙක් බවයි.
එමෙන්ම ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග එක්වන්නේ ජාතික ගුවන් සේවය ඵලදායී සහ තිරසාර ව්‍යාපාරික ගමනක් යන අවස්ථාවක බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත.