වාහන ආනයනය කිරීම රජය විසින් යළි ආරම්භ කරන විට ඒ සඳහා ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සමහය ලබාගන්නා ලෙස ඔවුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් හුවමාරු කරගැනීම සඳහා පසුගිය දා කොළඹ දී වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් සාකච්ඡාවක් පවත්වා ඇත.
එහි දී එම සංගමයේ බාණ්ඩාගාරික ප්‍රසාද් මානගේ මහතා පෙන්වා දුන්නේ ඔවුන් සතුව දශක ගණනාවක් පුරා එම ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ඇති නිලධාරීන් සිටින බැවින් නැවත වාහන ආනයනයේ දී නිෂ්චිත ක්‍රියාපටිපාටියකට අනුව එය සිදු කිරීමට එම සංගමයේ සහයෝගය ලබා ගැනීම උචිත වන බවයි.