රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරුන්ගේ මාර්තු මාසයේ වැටුප් නොගෙවීමට එරෙහිව විරෝධය පලකරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ.
අදාල නිවේදනය මගින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ වහාම එම ආචාර්‍යවරුන්ගේ වැටුප් ගෙවන ලෙසට ආණ්ඩුවට බලකර සිටින බවත් එසේ නොවුනොත් මූලික අයිතීන් උල්ලංඝනය කිරීමට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම අධිකරණය තුලදී ගන්නා බවට විපක්ෂනායකවරයා අවධාරණය කර තිබේ.














































