මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ හෙට (10) සහ අනිද්දා (11) දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
එළඹෙන 12 වනදා පැයක පමණ විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.
එසේ පැයක පමණ විදුලි කප්පාදුවක් පස්වරු 06.00 සිට රාත්‍රී 09.00දක්වා සිදු කිරීමට නියමිතව ඇත්තේ A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දි ඇත.














































